නිවස කොල්ල කන්න ගිය අයට පහර දුන් දෙදෙනෙක් අත්අඩංගුවට


(ටෝනි කරුණානායක) 

දිවුලපිටිය හපුවලාන ප්‍රදේශයේ නිවසක් කොල්ලකෑමට තැත් කරන ලද සැකකරුවන් දෙදෙනකුට පහරදීමේ චෝදනා සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනකු අද (18) අත්අඩංගුවට ගත් බව දිවුලපිටිය පොලිසිය පවසයි.

හපුවලාන ප්‍රදේශයේ නිවසක් කොල්ලකෑමට තැත් කිරීමේ චෝදනා සම්බන්ධයෙන් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඩ් බාරයට පත් එක් සැකකරුවකු මීගමුව බන්ධනාගාරයේ දී මියයාමෙන් පසුව එම සැකකරුවන්ට පහරදුන් බවට මොවුන් දිවුලපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

බඩල්ගම කෙහෙල් ඇල්ල ප්‍රදේශයේ පදිංචි එම්.පී.ශසී දුමින්ද මුණසිංහ නැමැති සැකකරු මීගමුව බන්ධනාගාර ගතව සිටින අවස්ථාවේ මෙසේ මියගොස් තිබේ.

මියගිය අයගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණය හෙට (19) මිගමුව දිස්ත්‍රික් මහ රෝහලේ දී පැවැත්වීමට නියමිත බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.