නිලූක බැඞ්මින්ටන් ලෝක ශ්‍රේණිගත කිරීමේ ඉදිරියට


ලෝක බැඞ්මින්ටන් සම්මේලනයේ නවතම ක‍්‍රීඩක ශ්‍රේණිගත කිරීමට අනුව ශ්‍රී ලංකා බැඞ්මින්ටන් ශූර නිලූක කරුණාරත්න ශ්‍රේණිගත කිරීමේ 49 වැනි ස්ථානයට පැමිණීමට සමත්ව සිටියි. පසුගියදා නිමා වු පෝලන්ත අන්තර්ජාතික තරගාවලියේ අර්ධ අවසන් පුර්ව වටයට පැමිණීමට නිලූක සමත්විය. පින්ලන්ත අන්තර්ජාතික තරගාවලියට නිලූක සහභාගි වු අතර එහිදී ඔහු පළමු වටයේදී ඉන්දිය ක‍්‍රීඩකයකු හමුවේ පරාජය ලැබීය. කෙසේ වෙතත් අන්තර්ජාතික තරගාවලිවලට සහභාගිවීම මගින් හිමිවන ප‍්‍රසාද ලකුණු අනුව ඔහුට ශ්‍රේණිගත කිරීමේ පියවරක් ඉදිරියට ඒමට හැකිව තිබේ. මෙම වසරේදී පැවැත්වෙන ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ බැඞ්මින්ටන් තරගාවලියට සුදුසුකම් ලැබීමේ පරිසාධක මට්ටමේ සිටින ක‍්‍රීඩකයන් 38 දෙනා අතර සිටින නිලූක එම ක‍්‍රීඩකයන් අතරින් තවදුරටත් ඉදිරියට ඒමට ද සමත්ව ඇත.