නිල්වලා ගඟ පිටාර මට්ටමේ


(එස්. ඩී. කොඩිකාර සහ එන්. කේ. ඉන්ද්‍රවංශ)
 
දෙනියාය, කොටපොළ, මොරවක, පිටබැද්දර යන පෝෂක ප්‍රදේශවලට   නොකඩවා ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් නිල්වලා ගඟ අද (22)  පිටාර මට්ටමට පැමිණ ඇතැයි මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
 
 ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මිනුම්වලට අනුව නිල්වලා ගගේ  අකුරැස්ස පානදුගම ජල මාපකයේ ජල මට්ටම මීටර් 6.05 දක්වා ඉහළ ගොස් නිල්වලා ගඟ පිටාර මට්ටමට පැමිණ ඇත. මෙහි සාමාන්‍ය ජල මට්ටම වනුයේ මීටර් 3.2 කි.
 
මේ වන විට අකුරැස්ස කඹුරුපිටිය මාර්ගය, අකුරැස්ස කද්දුව මාර්ගය,  අකුරැස්ස සියඹලාගොඩ මාර්ගය ජලයෙන් යටවෙමින්  පවතින බවත් හදිසි ආපදා තත්ත්වයක් ඇතිවුවහොත් ඒ සඳහා බෝට්ටු සූදානම් කර ඇති බවත් මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.