නිල්ගල රක්ෂිතයේ ගින්නක්


(ප්‍රසන්න පත්මසිරි)

බිබිල නිල්ගල වන රක්ෂිතයේ පිටකුඹූර වන ප්‍රදේශයේ 15 දින ඇතිවු ගින්නක් සීඝ්‍රයෙන් පැතිරී යන බව ප්‍රදේශවාසීහු කියති.

පැතිරි යන ගින්න නිවීම සදහා මේ වන විට කරාඩුගල පොලිසිය,යුධ හමුදාව සහ වස නිළධාරීන් පැමිණ සිටින බව ප්‍රදේශවාසීහු කියති. බුද්ධදාස රජුගේ ඔසු උයන නමින් හදුන්වන නිල්ගල ඖෂධීය වනයේ අරළු,බුළු,නෙල්ලි කුඩුම්බේරිය කොළ, බිම් කොහොඹ ඇතුලු ඖෂධ ශාක හා කළුවර,බුරුත,ගම්මාලු,ඇතුලු වටිනා දැව ගස් හා අලි,කොටි.වළසුන්, වල්ඌරන්,මිමින්නන්,හාවුන්,මුවන්,ගෝනුන්,පක්ෂීන් හා උරගයින් ඇතුලු දුරුලබ වර්ගයේ වන සතුන් විශාල වශයෙන් වෙසෙන අක්කර හැටපන්දහසක වනයකි.