(නවරත්න සමරතුංග)
අම්පාර දිස්ත‍්‍රික්කයේ ගල්ඔය ජාතික වනෝද්‍යානයට අයත් රතුගල මාකඩකන්ද කොටසේ සිට මොණරාගල දිසාවේ නිල්ගල ඖෂධ වනය දක්වා ප‍්‍රදේශය ප‍්‍රධාන මාර්ගය දෙපස වනාන්තරය මේ දිනවල ගින්නට හසුවී ඇති බව රතුගල ආදීවාසීහූ කියති.
අම්පාර බිබිල මාර්ගයේ අක්කර දහස් ගණනක් මේ වන විනාශ වී ඇති බව රතුගල ආදිවාසී නායක සුදා වන්නිලා ඇත්තෝ පවසති.
රතුගල ආදිවාසී නායකයා මෙසේද කීය.
‘‘කැලේ ගිනි තියනඑක පරිසරයට අසාධාරණයක්. මේ කැලේත් අවසානය තමයි දැන් සිද්ධවේගන යන්නේ. හරිම දුකයි. සෑම අවරුද්දකම මේ පායන කාලයට අපේ කැලේ ගිනි ගන්නවා.
කිසිම පලක්නැති වැඩක් තමයි මෙයට හේතුව හැටියට මට කියන්න තියෙන්නේ. අපේ අය නෙවෙයි මේ අපරාධය කරන්නේ. පිටස්තරව ඇවිත් කැලේ යන අය තමයි මෙයට වගකියන්න ඕනෑ.
ඒනිසා ඒ කාලයට අපේ වරිගයේ කණ්ඩායමකුත් එක්ක නිලධාරීන් පිරිසක් රාජකාරියේ යොදවනවානම් වැරදි කරන අය අල්ලා නීතිමය පියවර ගතයුතු බවද ආදිවාසී නායකයා කීය.
ගල්ඔය ජාතික වනෝද්‍යාන භාරකරු ප‍්‍රදීප් මුණසිංහ මහතා.
රජයේ කැලෑවට නීතිමය අවසරයක් නැතිව ඇතුල්වීම දඬුවම් ලැබිය හැකි වරදක්. කැලෑගිනි තබන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට නිලධාරීන් දැනුම්වත් කොට අවශ්‍ය උපදෙස් ලබාදී තියෙනවා.
ඒත් වැරදි කරන්නන් සොයා ගැනීමේ අපහසුතා තියෙනවා. නමුත් ගින්න පැතිර යනවා. මේ කරුණු සැලකිල්ලට ගෙන වනෝද්‍යානය තුල ගිනිගැනීම් සිදුවන කාලයට ‘ගිනිපටි’ කැපීමට යෝජනා කර තියෙනවා. මෙවැනි කැළවක මහා පරිමාන ගින්නක් බිම්මට්මෙන් නිවීම කාටවත් කරන්න බැහැ.
නමුත් ගින්නක් පැතිර යනවානම් එය පාලනය කරගැනීම සඳහා මෙම පියවර ගන්නවා. එයට අමතරව හදිසි ආරක්ෂක වැඩ පිලිවෙලක් මෙන්ම ගිනි නිවීමේ උපකරණ ලබා ගැනීමට යෝජනා කර තියෙනවා.
කෙසේ වුවත් වසර සිය ගණනක් තිස්සේම සවානා වනාන්තර සෑම වසරකදීම ස්වාභාවික අයුරින් ගිනි ගැනීමට ලක් වෙන පරිසර පද්ධතියක් බවට පත්ව තියෙනවා.
ගින්නට ඔරොත්තුදීමේ හැකියාව මෙම ශාකවලට ආවේනිකයි. ප‍්‍රතිචාර දක්වමින් ඊලඟ වසරේත් හැදී වැඩෙනවා. ඒත් කැළැ ගිනිතැබීම අනුමත කරන් බැහැ.‘‘