(අංජුල මහික වීරරත්න)
නිලධාරීන් කුමන දේශපාලන මත දැරුවත් රජයට එය ගැටලුවක් නොවන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය සභානායක බිමල් රත්නායක මහතා පැවසීය.
නමුත් ජනවරම අවබෝධ කරගනිමින් රට දිනවීමේ ජාතික වැඩසටහන සමග එක්ව කටයුතු කිරීම ඔවුන්ගේ වගකීම බවද අමාත්‍යවරයා කීය.
දිවයිනේ මාර්ග පද්ධතිය වැඩිදියුණු කර, පොදු ප්‍රවාහන සේවාව කාර්යක්‍ෂම කිරීමේ වැඩසටහන සඳහා රත්නපුර දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිළිබඳව නිලධාරීන් දැනුම්වත් කිරීමේ සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව කීය.
රත්නපුර නගර සභා ශ්‍රවණාගාරයේ දී මෙය පැවැත්විණ.
දැනට අතරමග නවතා දමා ඇති රුවන්පුර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කර කඩිනමින් නිම කිරීම, දුම්රිය මාර්ග ව්‍යාපෘතිය, බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම සහ රත්නපුර නගරාශ්‍රිතව විකල්ප මාර්ගය සැලසුම් කිරීම ආදී සංවර්ධන ව්‍යාපෘති රැසක් පිළිබඳ ව මෙහිදී සාකච්ඡාවට ලක් විය.