ඩයනා උදයංගනී
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව හා ඊට අනුබද්ධ ආයතන එක්ව සංවිධානය කළ සැහැල්ලූ පන්දු සුහද ක්‍රිකට් තරගයක් නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගනයේ දී අද (27) පැවැත්විණි.
එහිදී ආරම්භක පිතිකරු ලෙස පිටියට පැමිණි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා හයේ පහර දෙකක් හා හතරේ පහර තුනක් සමඟින් ක්‍රිකට් තරගයේ නියමිත ඕවර් 5 පුරාම නොදැවී ලකුණු රැස් කළේය.
අමාත්‍යවරයා මෙසේ නොදැවී ක්‍රීඩා කළේ නිලධාරින් කිහිප දෙනෙකුම ලකුණු නොලබා දැවී යද්දීය.
පන්දුවට පහර දී අවසානයේ ක්‍රීඩා මණ්ඩපයට පැමිණි අමාත්‍යවරයාට නරඹන්නන් පැවසුවේ ඇමැතිතුමා විකට්ටුව රැක ගනිමින් හොඳින් පන්දුවට පහර දුන් බවයි.
‘අපි දේශපානඥයෝනේ. විකට් එක රැක ගනිමින් ගහන්න ඕනෑ කොහොමද කියලා අපි දන්නවා. අනික මේ කාලයේ විකට් එක රැක ගන්න එකත් ලේසි නෑනේ. ඒ හින්ද ආපු ෆුල්ටොෂ්, ගුග්ලි, යෝකර් එකක්වත් ඇරියේ නෑ. අතඇරියොත් විකට් එක යනවනේ. මේ දවස්වල විකට් එක රැක ගන්ඩ නම් හතර වටේටම ගහන්න ඕනෑ. දැන් අපි කරන්නේ එන එන හැම පන්දුවටම ගහන එකනේ.. අපිට වැටෙන පන්දු මොනවද කියලා ඔයාලා දන්නවනේ - අපිට වැටෙන්නෙම යෝකර්. ඒ හින්දා විකට් එක රැක ගන්නත් ඕනෑ. ලකුණු ගන්නත් ඕනෑ. ගහන්නත් ඕනෑ.‘‘ යැයි අමාත්‍යවරයා කීය.