නිලධාරීන් අතිනුත් බදු ගෙවලා - පාඨලී


(ඩයනා උදයංගනී)
            
මේ වන විට පනවා ඇති බදු හේතුවෙන් නිලධාරීන්ට වාහන භාවිතය සම්බන්ධයෙන් පවා ගැටලූ ඇති වී ඇතැයි මහනගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද (11) පැවසීය.


මේ හේතුවෙන් නිලධාරීන්ට බදු සඳහා අතින් මුදල් ගෙවීමට සිදුව ඇතැයි ද කී අමාත්‍යවරයා ඇතැමුන් පසුගිය මාසයේදී රුපියල් 2,500ක් පමණ අතින් ගෙවා තිබෙන බව සඳහන් කීය.   

මේ හේතුවෙන් නිලධාරීන් අමාරුවේ වැටී ඇතැයි ද අමාත්‍යවරයා කීවේය.


අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මේ බව පැවසුවේ බත්තරමුල්ල, සුහුරුපාය පිහිටි එම අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේ දී පැවති මාධ්‍ය හමුවකින් පසුව මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්න වලට පිළිතුරු දෙමිනි.