නිල සංචාරයක් සඳහා ජනපති හෙට ඉරානයට



    (නාලක සංජීව දහනායක)


ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා දෙදින රාජ්‍ය සංචාරයක් සඳහා හෙට (12) ඉරානය බලා පිටත්ව යයි.

 ඉරාන ජනාධිපති හසන් රූහානි මහතාගේ විශේෂ නිල ඇරයුමකට අනුව එරටට යන ජනාධිපතිවරයා මෙම සංචාරය අතරතුරදි ඉරාන - ශ්‍රී ලංකා ආර්ථික හා වෙළඳ  සබඳතා වැඩිදියුණු කර ගැනීම මෙන්ම මෙරටෙහි ඉරාන ආයෝජන දිරිමත් කිරීම පිළිබ`දවද මෙම සංචාරයේදී අවධානය යොමු කෙරේ.


           ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හා ඉරාන ජනාධිපතිවරයා අතර නිල හමුව අනිද්දා (13)  සිදුවන අතර දෙරටේ ආර්ථික සහ වෙලෙඳ සබඳතා වර්ධනය කෙරෙන නව අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමටද නියමිතය.


                 ඉරාන වාණිජ මණ්ඩලය සංවිධානය කෙරෙන විශේෂ ආයෝජන සහ ව්‍යාපාරික සමුළුවකටද ජනාධිපතිවරයා සහභාගී වන අතර ඉරාන පාර්ලිමේන්තුවේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත වීමටද නියමිතය.