නිරෝධායනයට සහය වූ යුද හමුදා නිලධාරියෙකුටත් කොරෝනා


( ඉන්දිකා රාමනායක) 

නිරෝධායන කටයුතුවල නියැලී සිටි යුද හමුදා නිලධාරීයකුට කොරෝනා  වයිරසය අසාදනය වී ඇතැයි   යුද හමුදාව කියයි.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලෙහි රාජකාරීයේ නියැලී සිටි මෙම යුද හමුදා නිලධාරීයා ඉකුත් දා ඉතාලියේ  සහ කොරියාවේ සිට පැමිණි  පිරිස  ගුවත්තොටුපොළ පරිශ්‍රයේදී   උද්වේගකරව හැසිරුණ අවස්ථාවේ එය  පාලනය කිරීම සඳහා  ක්‍රියා කළ අයෙකු බවද යුද හමුදාව  පවසයි.

මේ වන විට මෙම  යුද හමුදා   නිලධාරීවරයා අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර  ලබන  යුද හමුදාපති  ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර  සිල්වා සඳහන් කළේය.