(එම්.කේ.නන්දසේන)
තිස්සමහාරාම කිරින්ද ආමදුව නමින් හඳුන්වන සීමාවේ ධීවරයින් පිරිසකට කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් නිරෝධායනය කර සිටි ළඟම ආශ්‍රිතයින් පිරිසක් මුහුදු මාර්ග ඔස්සේ පැනගොස් ඇතැයි තිස්සමහාරාම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ප්‍රභාත් ලියනාරච්චි මහතා පැවසීය.
මෙම ස්ථානයේ වාඩි පැල්පත් තුළ සිටි 85 ක් පමණ පිරිසෙන් 22 දෙදෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනයවී තිබිණ.
ධීවර වාඩි පැල්පත් තුලම පළමු පෙළ ආශ්‍රිතයින් නිරෝධායනයට ලක් කර සිටි මෙම පිරිස ඉකුත් 23 දා වන විට දින 14 සම්පූර්ණකර තිබූ බව ද කියයි. එසේ නමුත් ඔවුන්ගේ ජීවන රටාව අනුව තවත් දින 14ක් නිවෙස් තුළම නිරෝධායනය වන ලෙසට උපදෙස් දී තිබූ නමුත් එම පිරිසෙන් 15ත් 20ත් අතර පිරිසක් මුහුදු මාර්ග ඔස්සේ පිටව ගොස් ඇති බවට තොරතුරු ලැබී ඇතැයිද සෞඛ්‍යය වෛද්‍ය නිලධාරිවරයා කීය.
මෙම පිරිස තංගල්ල, කුඩාවැල්ල, දෙවුන්දර, මාතර, වැලිගම යනාදී දකුණු ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.
මේ සම්බන්ධයෙන් ඥාති හිතවතුන් සිය අවධානය යොමුකර නිවෙස් තුළ තවත් දින 14 ක් නිරෝධායන ක්‍රියාවලියට ලක් වන ලෙස තිස්සමහාරාම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ප්‍රභාත් ලියනාරච්චි මහතා ඉල්ලා සිටියේය.

