(ඉන්දිකා රාමනායක)
කිසියම් පුද්ගලයකුට කොරෝනා වයිරසය අසාධනය වී ඒ බව ආනාවරණය නොකර මහජනය අතර ගැවසෙන්නේ නම්, එම රෝගය ව්‍යාප්ත කිරීම උත්සහ ගන්නේනම්, වෙනත් පුද්ගලයකු ඔහුව වසන් කරන්නේනම් එය නීතිමය වරදක් බවත් ඒ සම්බන්ධයෙන් සියලු පොලිස් ස්ථාන දැනුවත් කර ඇති බව නීති කොට්ඨාසය බාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
යම් කිසිය පුද්ගලයකුට මෙම රෝගය වැළඳී එයට නිසි ප්‍රතිකාර නොගෙන වසන් වෙමින් සිටින්නේ නම් සැඟව සිටින්නේනම්, වෙනත් පුද්ගලයකු ඔහු සැගවීමට උත්සහ ගන්නේනම්, එය රෝග නිරෝධායන හා වැලැක්වීම පිළිබඳ ආඥාපනතේ 4 වැනි වගන්තිය යටතේ මෙන්ම ඊට අදාල රෙගුලාසි යටතේ වරදක් සිදුකර ඇති බවත් ඒ සම්බන්ධයෙන් මාස 6 සිරදඩුවමක් ලබා දීමේ හැකියාවක් ඇති බවද හෙතෙම කියා සිටියේය.
එසේම දණ්ඩ නීති සංග්‍රහයේ 261,263,264 වගන්ති යටතේ වරදක් සිදුකර ඇති බවත් මෙම වගන්ති අනුව වසර 2 ක කාලයක් බන්ධනාගාර ගත කරමින් දැඩුවම් කිරීමේ හැකියාව ඇති බවද අජිත් රෝහණ මහතා කියා සිටියේය.
කිසියම් පුද්ගලයකු නිරෝධායන මධ්‍යස්ථානයෙන් පලා යන්නේනම්, සෞඛ්‍ය බලධාරීන් විසින් කිසියම් පුද්ගලයකු නිරෝධායන මධ්‍යස්ථානයට යොමුකර තිබියදී පලා යන්නේනම් , එවැනි අනකට අකීකරු වන්නේනෙම් එම පුද්ගයන්ට එරෙහිව රෝග නිරෝධායන හා වැලැක්වීම පිළිබඳ ආඥාපන හා දණ්ඩනීති සංග්‍රහයේ ප්‍රතිපාදන අනුව ක්‍රියා කරන බවද අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
මෙවැනි පුද්ගලයන් වරෙන්තුව නොමැතිව අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකියාව ඇති බවත් එවැනි පුද්ගලයන් වසන් වීමට ආධාර අනුබල ලබා දෙන පුද්ගලයන්ට ද පවා අත්අඩංගුවට ගන්නා බවද හෙතෙම කියා සිටියේය.
ලෝක ව්‍යසනයක් ඇති වී ඇති අවස්ථාවක වගකීමෙන් කටයුතු කළ යුතු බවත් , නීතිගරුක වියයුතු බවත්, මෙය වළක්වා ගැනීමට රජයට හා සෞඛ්‍ය බලධාරීන්ට සහය ලබා දිය යුතු බවද හෙතෙම අවධාරණය කළේය.
එවැනි පුද්ගලයන් සම්බන්ධයෙන් පොලිසිය වශයෙන් උපරිම ආකාරයෙන් කටයුතු කරන බවද අජිත් රෝහණ මහතා කියා සිටියේය.

