(එම්.සුසිල් ප්‍රියන්ත සහ ධර්මදාස සිරිවර්ධන)
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු බව පවසමින් කොරෝනා මර්දන නීතිය යටතේ සිය වෙළදසල් හා තමන් ස්වයං නීරෝධායනයට ලක් නොකිරීමට නම් විද්‍යුත් ක්‍රමයට මුදල් ලබා දෙන ලෙස අම්බලන්ගොඩ ව්‍යාපාරිකයින්ගෙන් කප්පම් ඉල්ලන කණ්ඩායමක් පිළිබදව අද (22) පරීක්ෂණ ආරම්භ කළ බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.
මොවුන් මේ සඳහා සිපිරි ගෙවල්වල සිටින රැඳවියන්ගේ හා මියගිය අයගේ නමට ගත් සිම්කාඩ් ප්‍රයෝජනයට ගනු ලබයි. මේ නව කප්පම් ක්‍රමයත් සමගම තමන් දැන් දැඩි අසීරුතාවන්ට මුහුණදී ඇතැයි බව අම්බලන්ගොඩ ව්‍යාපාරිකයෝ කියති.
මේ නිර්ණාමික දුරකතන ඇමතුම් ලබාදී ඇත්තේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් යයි සිතූ වෙළදසල් කිහිපයකම හිමිකරුවන් මේ ඇමතුම්වලට අනුව විද්‍යුත් ක්‍රමයට මුදල් ලබා දී ඇති බවද ව්‍යාපාරිකයෝ කියති.
ඒ කිසිම හේතුවක් නොමැතිව තමන් හා සිය ව්‍යාපාරික ස්ථාන ස්වයං නීරෝධායනයට ලක්වීම වළක්වාලීමේ අරමුණින් බවද ඔවුහු කියති.
ඇතැම් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ක්‍රියා කලාපයන් නිසා මෙය තමන්ට සාධාරණ සැකයකින් තොරව බැහැර කළ නොහැක්කක් බවත් සාධාරණ වෙළදාමක් කරගෙන සිටින තමන් මේ අසහනයෙන් මුදවා දෙන ලෙස ව්‍යාපාරිකයෝ අදාල බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

