නිරෝධායනය කඩා සාදයක් පැවැත් වූ තරුණියක් අත්අඩංගුවට


(සිතුම් චතුරංග)

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් යාපනය නෙල්ලිඅඩි ප්‍රදේශයේ උපන්දින සාදයක් පැවැත්වූ තරුණියක අත්අඩංගුවටගත් බව නෙල්ලිඅඩි පොලිසිය පවසයි.

සැකකාර තරුණිය සිය 23 හැවිරිදි උපන්දිනය සැමරීම සඳහා නිවස වෙත පුද්ගලයින් 50 අධික පිරිසක් ගෙන්වා ගනිමින් ඩි.ජේ සංගීත වාදනය කරමින් උපන්දිනය සමරමින් සිටියදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කළ දැණුම්දීමක් මත එම තරුණිය අත්අඩංගුවටගත් බව පොලිසිය පැවසීය.

තරුණියගේ නිවසෙහි භාවිතාකළ ඩි.ජේ සංගීත උපකරණ හා ශබ්ද විකාශන යන්ත්‍රද පොලිසිය බාරයට ගත් බව සඳහන් කළේය.

වැටලීම සිදුකරන අවස්ථාවේ නිවසෙහි සාදයට සහභාගීව සිටි බොහෝ පිරිසක් එම ස්ථානයෙන් පැන දිවගොස් ඇතැයිද පොලිසිය පැවසීය.

පවතින කොවිඩ් 19 වෛරස අවධානම හේතුවෙන් උත්සව සහ සාද තහනම්කොට තිබියදී තරුණියක  මෙම සාදය සූදනම්කොට තිබූ බවද පොලිසිය වැඩිදුරටත් පැවසීය.