(සමන් පාලිත නානායක්කාර)
බණ්ඩාරවෙල දී නිරෝධායනය කඩ කළ පුද්ගලයෙකු අද (20 ) අත්අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල නාගරික ප්‍රධාන මහජන සෞඛ්‍යය පරීක්ෂක ඩී. එම්. ඒ. ආර්. දිසානායක මහතා පැවසීය.
නිරෝධායන හා රෝග ස්පර්ශකයයෙන් වෙන් කර තැබීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් මොහු බණ්ඩාරවෙල මූලස්ථාන පොලීසියේ දී දැඩි ලෙස අවවාද කර නැවත නිරෝධායන කටයුතු සඳහා යොමු කළ බවද දිසානායක මහතා කීය.
විදෙස් රටක සිට පැමිණි මොහු බණ්ඩාරවෙල ඔහු පදිංචි නිවසේදීම ස්වයං නිරෝධායන කිරීමට කටයුතු යොදා ඇත.

