නිරෝධායන මධ්‍යස්ථාන 16 ක පුද්ගලයින් 2,258 ක්


(ඩයනා උදයංගනී) 
 
රට පුරා නිරෝධායන මධ්‍යස්ථාන 16 පුද්ගලයින් 2,258 දෙනකු සිටින බව කොරෝනා පාලනය සඳහා වන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා  මහතා පැවසීය.
 
රාජගිරියේ  පිහිටි කොවිඩ් - 19 පැතිරිම වැළැක්වෙන ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාවේදී  යුද හමුදාපතිවරයා මේ බව කීවේය.
 
වයිරසය පැතිරීමේ වැඩිම අවදානම ඇත්තේ පුත්තලම දිස්ත්‍රික්කයේ බවද සඳහන් කළ යුද හමුදාපතිවරයා එම ජනතාවට අවශ්‍ය උපදෙස් ලබා දී ඇතැයි ද  සඳහන් කළේය.

(ඡායාරූප - ලහිරු හර්ෂණ)