නිරෝධායන නීති සිංහලෙනුත් ඉල්ලයි


(රංජන් කස්තුරි)

නිරෝධායන පනත සහ කොරෝනා සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කරන චක්‍රලේඛන සියල්ල ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් නිකුත් කිරීම නිසා  මහජන සෞඛ්‍ය පරීක්ෂඛවරුන් මෙන්ම ජනතාව ද විශාල ගැටළුවකට මුහුණ පා ඇතැයි  ශ්‍රි ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය චෝදනා කරයි.

කොරෝනා සම්බන්ධයෙන් ජනතාව කරන වැරදි නිවැරදි කිරීමට යාමේදී හා නීතිපියවර ගැනීමේදී  චක්‍රලේඛන සිංහල භාෂාවෙන් නොතිබීම නිසා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැඩි අපහසුතාවයට පත් වූ අවස්ථා රැසක් තිබෙන බව ද ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ උපසභාපති එස්.ඒ.යූ.ටී කුලතිලක මහතා කියයි.

යම් වරදක් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට සූදානම්වන විට ජනතාවට කුමන නීතියක් යටතේ එම පියවර ගත්තේ ද  යන්න පැහැදිලි කිරීමට චක්‍රලේඛනවල සිංහල පිටපත් අවශ්‍ය බව ද කුලතිලක මහතා කීය.