(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නිරෝධායන නීති උල්ලංඝනය කිරීම ,මුහුණු ආවරණ නොපැලදීම හා ,දුරස්ථභාවය තබා නොගැනීම සම්බන්ධයෙන් පුද්ගලයන් 914 ඊයේ දින අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
කොවිඩ් වසංගතය ආරම්භ වූ 2020 මාර්තු 18 වැනි දින සිට මේ දක්වා මාස 14 ක කාලය තුළ දිනකදි වැඩිම පිරිසක් අත්අඩංගුවට ගත් අවස්ථාව මෙය බව මාධ්‍ය ප්‍රකාශකවරයා කියයි.
.එයින් වැඩිම පිරිස මාතලේ ප්‍රදේශයෙන් පුද්ගලයන් 171 ,නිකවැරටියෙන් පුද්ගලයන් 116 ක් වශයෙන් අත්අඩංගුවට ගෙන ඇති බව මාධ්‍ය ප්‍රකාශක වරයා සඳහන් කරයි.
ඉකුත් ඔක්තෝබර් 30 වැනි දින සිට මේ දක්වා පුද්ගලයන් 17300 ක් අත්අඩංගුවට ගෙන ඇත.

