(ජේ.කේ.එල් චාමින්ද)
බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල නිරෝධායනය අවසන් කළ තවත් පුද්ගලයින් 09 දෙනෙකු එම මධ්‍යස්ථානයෙන් පිටවගිය බව නාවික හමුදාව පවසයි.
මෙම පුද්ගලයින් සියළු දෙනාම නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පිටත් කර යැවීමට ප්‍රථම පීසීආර් පරීක්‍ෂණයකට භාජනය කිරීමට කටයුතු කරනු ලැබිය.
ඒ අනුව මෙලෙස පිටව යන පිරිස වෙත නිරෝධායනය සාර්ථකව අවසන් කළ බවට ලබා දෙනු ලබන සහතික ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ අණදෙන නිලධාරීවරයා විසින් ලබා දීම සිදුකළ බවද නාවික හමුදාව පවසයි.
මේ වන විට මෙකි මධ්‍යස්ථානයේ නිරෝධානයන වෙමින් සිටි පුද්ගලයින් 57 දෙනෙකු නිරෝධායනය අවසන් කර මෙම මධ්‍යස්ථානයෙන් පිටත්ව ගොස් ඇති බවද නාවික හමුදාව පවසයි.
තවත් ශ්‍රී ලාංකික පුද්ගලයින් 32 ක් නිරෝධායනය වෙමින් සිටින බවද නාවික හමුදාව පවසයි.



