(අමල් වික්‍රමරත්න)
බලපිටියේ සිට පුත්තලම දක්වා මුහුදු කලාපය පැයට කිලෝමීටර 70 -80 තරම් තද සුළං තත්වයක් ඇතිවිය හැකිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කරනු ලැබූ ඉදිරි පැය 9 සදහාවූ කාලගුණ නිවේදනයේ සදහන්කර තිබේ.
ඉහත මුහුදු ප්‍රදේශ භාවිතා කරන ධීවරයන් සහ නාවිකයන් මෙම තත්වය පිළිබඳව සැලකිලිමත් වන ලෙසත්කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඇතිවිය හැකි සුළං තත්වය පිළිබදව අනතුරු ඇගවීම් පොලිසිය සහ නාවික හමුදාව මගින් සිදුකරන ලද බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂක ප්‍රදීප් කොඩිප්පිලි මහතා සදහන් කළේය.

