නිර්වින්දන වෛද්‍යවරුන්ගේ වාර්ෂික සම්මේලනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජාතික රෝහලේ දී අද (05) පෙරවරුවේ පැවැත්විණි. Critical Care.lk වෙබ් අඩවිය ද ජනාධිපතිවරයා විසින් අන්තර්ජාලයට මුදා හරිනු ලැබීය.
කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ අනිල් ජාසිංහ මහතා , විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරුන් වන වෛද්‍ය ශිරානී හපුආරච්චි, වෛද්‍ය අජන්තා පෙරේරා, වෛද්‍ය විනෝදනී වනිගසේකර, වෛද්‍ය බිමල් කුඩාවිදානගේ යන මහත්ම මහත්මීන් ඇතුළු නිර්වින්දන වෛද්‍යවරු විශාල පිරිසක් එක්ව සිටියහ.




