නිර්මල වැඩ කරන හැටි නිර්මල උගන්වයි


මහා වැස්සේ රත්තොට - මාතලේ පාර පිළිසකර කරමින් සිටි සේවකයන් පිරිසක් දුටු මහා මාර්ග නියෝජ්‍ය ඇමැති නිර්මල කොතලාවල මහතා ඔවුන් වැරැදි වැඩක් කරන බව පවසා කොන්ත්‍රාත්කරුගේ දීමනා හා සේවක දින වැටුප් නතර කරන ලෙස නිලධරයනට උපදෙස් දුන්නේය. වෙනත් ගමනක් යමින් සිටි නියෝජ්‍ය ඇමැති ඔවුනට කීවේ ‘බොරු වැඩ කරන්න එපා, මේ මහජන සල්ලි‘‘ යනුවෙනි. වැස්ස අවසන් වනතුරු වැඩ නතර කරන ලෙස ද දැන්වීය.