නිර්මල නැති නිසා නිර්මල දේශපාලනයෙන් යයි


හිටපු ඇමැති නිර්මල කොතලාවල මහතා දේශපාලනයෙන් සමුගන්නා බව අද (12) ප්‍රකාශ කළේය.

තමාට වත්මන් දේශපාලන තත්ත්වය ගැන කලකිරීමක් ඇති බවත් හෘද සාක්කියට එකඟව තවදුරටත් දේශපාලනයේ රැඳී සිටිය නොහැකි බවත් කොතලාවල මහතා පවසයි.

මෙවර මැතිවරණයට තරග කිරීමට හෝ ජාතික ලැයිස්තුවෙන් පවා පැමිණීමට තමාට හැකියාව තිබුණද එයට එකඟ නොවන බවත් නිර්මල කොතලාවල මහතා කීවේය.

ඔහු කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්විය.