නිර්භීත ලාංකිකයාගේ බිරියට ඉතාලි සම්මානයක්
ඉතාලියේ නාපෝලියේ කමෝරා මාෆියා කල්ලි නායකයකු ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගැනීමේ නිර්භීත හපන් කමක් කළ මියගිය වෙන්නප්පුවේ සුමිත් ජෝසප් ප්‍රනාන්දුගේ (33) බිරියට ඉතාලි පොලීසිය සම්මානයක් පිදීමට සැරසෙයි.
සන්නිවේදන හල් දෙකක අයිතිකරු වූ සුමිත් ඔහුගේ දරු පවුලට එල්ල වූ මරණීය තර්ජන නිසා දිවි තොර කර ගත්තේය.
එහෙත් ඊට පෙර මාෆියා සාමාජිකයන් පොලීසියට අල්ලාදීමට ඔහු ඉදිරිපත් විය.
නවීන සන්නිවේදන උපකරණ ඇඟේ සඟවාගෙන ඔහු මාෆියා නායකයකු හමුවීමට ගියේ කප්පම් දෙන මුවාවෙනි.
ඔහුගේ මෙහෙවර සාර්ථක විය. මාෆියා නායකයකු ඇතුළු පස් දෙනෙක් දැන් රිමාන් කරනු ලැබ සිටිති.
මීට පෙරද ඔහුගේ එඩිතර ක්‍රියා අගයමින් ඉතාලි පොලීසිය ඔහුට සම්මානයක් දී ඇත. මාෆියා කල්ලිවලින් එල්ලවන තර්ජනවලින් ඔහුට ආරක්ෂාව සැළසීම සඳහා ඉතාලි රහස් පොලිස් නිලධරයෝ කිහිප දෙනෙක් ඔහු ආ ගිය තැන්වලට ගියහ. එහෙත් ඒ බව ඔහු නොදැන සිටියේය.
සුමිත්ගේ සිරුර ශ්‍රී ලංකාවට රැගෙන යාමේ සියලු වියදම් නාපෝලි නගර සභාවෙනි.

