(ආරියරත්න රණබාහු)
නියෝජ්‍ය කථානායක ධූරයට නම් දෙකක් ලැබී ඇති බැවින් මේ මොහොතේ රහස් ඡන්දයකට යාමට කථානායක කරු ජයසූරිය මහතා තීරණය කළේය.
එක්සත් ජාතික පක්ෂයෙන් ආනන්ද කුමාරසිරි මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ නම් මේ සඳහා යෝජනා වී ඇත.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රථමයෙන් ම ඡන්දය ප්‍රකාශ කිරිම ආරම්භ කෙරිණි.
මේ සඳහා රහස් ඡන්දයක් පැවැත්වෙන අතර සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ නම යෝජනා කරනු ලැබුයේ එස් බී දිසානායක මහතා වන අතර වාසුදේව නානයක්කාර මහතා එය ස්තීර කළේය. ආනන්ද කුමාරසිරි මහතාගේ නම යොජනා කරනු ලැබුයේ බුද්ධික පතිරණ මහතා විසිනි.
දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තු සභාගැබෙන් පිටව ගොස් ඇති අතර සුළු මොහොතක් සභා ගැබේ රැදී සිටි විපක්ෂ නායක සම්බන්ධන මහතා ද සභා ගැබෙන්එ පිටව ගියේය. එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රීවරුද සභා ගැබෙන් පිටව ගොස් ඇත.