(රන්ජන් කස්තුරි)
විභාග දෙපාර්තුමේන්තුවේ රහස්‍ය සහ ආයතනික විභාග අංශ ප්‍රධානියා ලෙස කටයුතු කළ නියෝජ්‍ය විභාග කොමසාරිස්වරයාගේ රාජකාරී වැඩ අද (10 ) සිට තහනම් කර ඇත . ඒ සිය රාජකාරි වගකිම පැහැර හැරිම සහ විෂමාචාර චෝදනා කිහිපයක් හේතුවෙනි .
අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිඅරාච්චි මහතා විසින් රාජ්‍ය සේවා කොමිසන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුවේ අනුමැතිය අනුව එම නිළධාරියාගේ රජකාරී වැඩ තහනම් කිරිමේ ලිපිය නිකුත් කර ඇත .
විභාග දෙපාර්තුමේන්තුවේ පසුගිය කාලයේ සිදු වු අක්‍රමිකතා පිළිබඳ සොයා බැලිමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විශේෂ විමර්ශනයක් ද අරම්භ කර ඇත.

