නියෝජ්‍ය කතානායක ධූරයෙන් අයින් වෙන බව ජනපතිට දෙපාරක් කියන්න වුණා - තිලංග


නිමල කොඩිතුවක්කු

නියෝජ්‍ය කතානායක ධූරයෙන් තමා ඉල්ලා අස්වීම පිළිබඳව 16 කන්ඩායමේ අනුමැතිය හිමි වු බවත් ඒ අනුව මේ සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට යලි දැනුම් දුන් බවත් නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා පැවසීය.
 
තම කණ්ඩායමේ පිරිස ඇමතිධූර අතහැර විපක්ෂය සමඟ කටයුතු කරද්දි හෘද සාක්ෂියට එකඟව තවදුරටත් එම ධූරයේ කටයුතු කළ නොහැකි බවද ඔහු කියා සිටියේය.
 
බොරුල්ල පිහිටි ඒ මහතාගේ නිවසේ අද (24) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව පැවසීය.
 
    නියෝජ්ය කතානායක ධූරයෙන් තමන් ඉවත් වන බවට වන ලිපිය පසුගිය අප්‍රේල් 18 වනදා ජනාධිපතිවරයාට දැනුම් දුන් බවත් ඒ පිළිබඳ තීරණයක් නොගැනීම හේතුවෙන් ඊයේ (23) රාත්‍රීයේ මෙම තීරණය ජනාධිපතිවරයා හමුවේ යලි දැනුම් දුන් බවත් සුමතිපාල මහතා කීය.
 
එමෙන්ම නියෝජය කතානායක ධූරය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරිපත් කරනු ලබන ඕනෑම අයකුට 16 කන්ඩායම සහය පල කරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.