නියෝජ්‍ය කතානායක ධුරයට තවත් නම් දෙකක්


සුජිත් හේවාජුලිගේ
 
දැනට හිස්ව පවතින පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක තනතුරට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායමෙන් හිටපු රාජ්‍ය ඇමැතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ නමත්, එක්සත් ජාතික පක්ෂයේ මොනරාගල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද කුමාරසිරි මහතාගේ නමත් කතානායකවරයාට යෝජනා කර ඇත.
 
මේ පිළිබඳ අප කළ විමසුමකදී අදහස් දැක්වූ 16 කණ්ඩායම නියෝජනය කරන හිටපු අමාත්‍ය ඩබ්ලිව් ඩී ජේ සෙනවිරත්න මහතා පැවසුවේ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය නියෝජ්‍ය කතානායක තවතුරට පත් කිරීමට ඒකාබද්ධ විපක්ෂයේද සහයෝගය ලැබෙනු ඇති බවයි.
 
නියෝජ්‍ය කතානායක ධුරයට නම් කිහිපයක් ඉදිරිපත් වී තිබෙන හෙයින් සුදුස්සකු තෝරා ගැනීමට අනිද්දා (05) මැතිසබයේදී රහස් ඡන්දයක් පැවැත්වීමට සිදුවන බව කතානායක කාර්යාලය පවසයි.