නියෝජ්‍ය කතානායක දොඹකරයේ හිරවේ


යක්කලමුල්ලේ කරාගොඩ ශ්‍රී පූර්වාරමයේ චෛත්‍යයට කොත් පැළඳවීමට අද එහි ගිය නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතාත් පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ මහතාත් ලොකු අකරතැබ්බකට මුහුණ දුන්හ.

විහාරාධිපති හිමියන් ද සමග දොඹකරයක ආධාරයෙන් චෛත්‍යයේ කොත පැළැන්දවූ ඔවුන්ට යළි පහළට ඒමට නොහැකි වූයේ දොඹකරය පහළට ගත නොහැකි ලෙස හිරවූ බැවිනි. දැඩි අවු රශ්මියේ දාඩිය මුගුරු වගුරුවමින් දොඹකරය මත ඉහළට එසවී සිටින නියෝජ්‍ය කතානායකත්, මන්ත්‍රීවරයාත් හිමියනුත් පහළට ගැනීමට ගැමියෝ උණගස් ගෙනැවිත් දිග ඉනිමගක් සෑදූහ.

ඒ අතර දොඹකරයත් අලුත්වැඩියා කිරීම ආරම්භ කැරිණි. පැයක් පමණ ගතවී ඉනිමග සෑදූ පසු විහාරාධිපති හිමියෝ ඉනිමග දිගේ අපහසුවෙන් බැස ගත්හ. ඉන් පසු නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතාත් ඉනිමග දිගේ බැස්සේය.

රමේෂ් පතිරණ මන්ත්‍රීවරයා ඉන්මග දිගේ බහින්නට සූදානම් වෙද්දී ක්‍රියාවිරහිතව තිබූ දොඹකරය ක්‍රියාත්මක විය. ඔහු පහසුවෙන් දොඹකරයෙන් බැස්සේය.

‘‘ ඕක තමයි කලින් පනින්නේ නැතුව ඉවසගෙන හිටියනම් සැපට බහින්න තිබුණා “  යැයි රමේෂ් පතිරණ මන්ත්‍රීවරයා කීවේය.

Chandima 600 IMG_8296 IMG_8313 IMG_8317