නියෝජ්‍ය ඇමැති වැඩ බාරගනී


මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා කොළඹ, ඩාර්ලි පාරේ අමාත්‍යාංශයේ දී අද (17) පෙරවරුවේ සිය ධුරයේ වැඩ භාර ගත්තේය.

මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යවරයා ද වන ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා නියෝජ්‍ය අමාත්‍යවරයාට සුබ පැතීමට පැමිණියේය.

අනුරාධ ජයරත්න මහතාගේ පියා වන හිටපු අග‍්‍රාමාත්‍ය දි.මු.ජයරත්න, අමාත්‍යවරුන් වන දුමින්ද දිසනායක, මහින්ද අමරවීර යන මහත්වරුන් සහ මව වන අනුලා යාපා ජයරත්න මහත්මිය හා අනුරාධ ජයරත්න මහතාගේ බිරිඳද එම අවස්ථාවට එක්වූහ.

mahaweli_2015917d mahaweli_20159172d mahaweli_20159172d3 mahaweli_20159172d4