(ජේ.ඒ.එල්.ජයසිංහ,චන්දන උඩුවාවල)
නියෝජ්‍ය අමාත්‍යවරියක් වන ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය ගමන් කරමින් සිටි බෙන්ස් රිය කොළඹ නුවර මාර්ගයේ තඹුත්තේගම හේනවල වංගුව අසලදී අද (15) ගසක හැපීමෙන් නියෝජ්‍ය අමාත්‍යවරිය තුවාල ලබා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුල් කරන ලද බව පේරාදෙණිය පොලිසිය පවසයි.
අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථයේ ගමන් කරමින් සිටියේ නියෝජ්‍ය අමාත්‍යවරයිගේ ආරක්ෂක පොලිස් නිලධරයා සහ රියදුරා වන අතර ඔවුන් ද තුවාල සිදු වී නොමැති බව පොලිසිය පවසයි.
නියෝජ්‍ය අමාත්‍යවරියගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
ඡායාරූප හා විඩියෝ - චමිල් රූපසිංහ



