නියෝජ්‍ය - රාජ්‍ය ඇමති තනතුරුත් වෙනස් වෙනස්වන හැඩ


(රංජන් කස්තුරි)

ඉදිරියේ දී නියෝජ්‍ය අමාත්‍ය ධූරවල සහ රාජ්‍ය අමාත්‍ය ධූරවල ද වෙනසක් සිදුවිය හැකි බව රජයේ ආරංචි සඳහන් කරයි.
නව කැබිනට් සංශෝධනයෙන් පසුව කැබිනට් අමාත්‍ය ධූර හා රාජ්‍ය හෝ නියෝජ්‍ය අමාත්‍යධූර එකම දිස්ත්‍රික්කයකට හිමිවීම හා ඇතැම් කැබිනට් ඇමැතිවරුන් සහ රාජ්‍ය ඇමැතිවරුන් අතර පවතින අමනාපකම් ආදී හේතූන් මත මෙම සංශෝධනය සිදුවිය හැකි බව ද එම ආරංචි පවසයි.
කැබිනට් මණ්ඩල සංශෝධනයෙන් පසු විදේශ අමාත්‍යවරයා සහ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කිරීමත්   මුදල් අමාත්‍ය ධූරය දරන මංගල සමරවීර මහතා සහ මුදල් රාජ්‍ය  ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මාතර දිස්ත්‍රික්කය නියෝජනය කිරීමත් ආදී කරුණු හා වෙනත් කරුණ පදනම් කරගනිමින් රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරුන්ගේ වෙනසක් සිදුවන බව කියැවේ.