නියාමකවරුන් නැතිව දුම්රිය රැසක් අවලංගුයි


(විනීතා එම් ගමගේ)

ප්‍රධාන මාර්ගයේ, මුහුදු බඩ මාර්ගයේ, පුත්තලම මාර්ගයේ සහ කැලණි වැලි මාර්ගයේ ධාවනය වීමට නියමිතව තිබු දුම්රිය බොහෝ ප්‍රමාණයක් අද (30) දවස තුළ ධාවනය නොවු බවත් අනෙක් සියලූම  දුම්රිය ප්‍රමාද වී ධාවනය වූ බවත් දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කරයි. 

සාමාන්‍යයෙන් ඉරිදා  දිනවල දුම්රිය විශේෂ කාලසටහනකට ධාවනය වන අතර අද දවස  තුළ එකී කාලසටහන ක්‍රීයාත්මක කිරීමට දුම්රිය බලධාරින්ට නොහැකි වූයේ දුම්රියන් සඳහා අවශ්‍ය නියාමකවරු නොමැති වීම නිසාය.  නියාමකවරු බොහෝ දෙනෙක් අද සේවයට වාර්තා කර නොතිබුනී. වාර්තා කර තිබු පිිරිස ද ප්‍රමාද වී සේවය වාර්තා කර තිබුණු බව පැවැසේ.