නියමුවා කෝටියක රන් අල්ලා දෙයි


රුපියල් එක් කෝටි විසි ලක්ෂයක් වටිනා රන් කැබලි 24 ක් ඉන්දියාවේ මුම්බායි නුවර සිට මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකිකයෙක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අද අළුයම රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු  ලැබීය.

සැකකරු අකුරණ ප්‍රදේශයේ  පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකු බව රේගුව කියයි.

ජෙට් ගුවන් සේවයට අයත් 9ඩබ්ලිව් 256 දරණ ගුවන් යානයෙන් මෙරටට පැමිණි සැකකරු පිළිබඳ ගුවන් නියමුවා දුන් තොරතුරක් මත රේගුව ඔහු අත් අඩංගුවට ගෙන ඇත.

ඔහුගේ ගමන් මල්ලේ තිබී අදාල රන් බිස්කට් තොගය සොයාගෙන ඇත.

මේ පිළිබඳ විමර්ශණ කටයුතු නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක රෝහණ ද සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරී ඉන්ද්‍ර උක්වත්ත මහතා ඇතළු නිලධාරීහු සිදු කරති.