රංජන් කස්තුරි
ඉකුත් කාලයේදී දිවයිනේ ප්‍රදේශ ගණනාවකට බලපෑ නියඟය හේතුවෙන් ණය බරින් මිරිකී සිටින පුද්ගලයින්ගේ ක්ෂුද්‍ර මූල්‍ය ණය කපා හරින බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.
ඇතැම් ප්‍රදේශවල ගොවීන් හා වෙනත් පුද්ගලයින් වැඩි පොලී අනුපාත මත ණය ගෙන තිබෙන අතර නියඟය හේතුවෙන් ඔවුන් අසරණතාවයට පත්ව ඇතැයිද එවැනි පුද්ගලයින්ගේ ණය කපා හරින බවද ඇමතිවරයා කීය.
ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නිසිපරිදී න්‍යාමනය වීමක් නොමැති අතර ඒවායින් ණය ලබා ගන්නා පුද්ගලයින් අසරණ තත්ත්වයකට පත්වන බවද මංගල සමරවීර මහතා පැවසීය.