නියං අස්සේ ගිනි


මිහින්තලේ රජයේ තේක්ක හා මැහෝගනී රක්ෂිතයේ ඇවිලී ගිය ගින්නක් නිවා අසල නිවාසවලට පැතිරීම වැළක්වීමට පොලිසියට, සිවිල් ආරක්ෂක බළකායට, වන සංරක්ෂණ නිළරයනට හා ගැමියනට පැය පහක් පමණ ගත විය. ඒ වන විට අක්කර විස්සක් පමණ දැවී තිබිණි. මාස හතරකින් වැසි නොදුටු රජරට වැව් අමුණු ද වේලී පැලිවළං පැලී ඇත.