( ප්‍රසාද් මුතුකුඩ )
රජය විසින් වැඩිකළ ඉන්ධන මිළ පහත නොදමන්නේ නම් 11 දින සිට සියලුම ධීවරයින් එක්ව පාරට බහින බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මහතා මීගමුවේදි පැවසීය .
ඒ මහතා මේ බව පැවසුවේ (07) දින ධීවර සමාජිකයින් පිරිසක් එක්ව මීගමුව මහ නගර සභාවේ ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය සාකච්ජාවකදීය.
එහිදි නිමල් ලාන්සා මහතා මෙලෙසද කීය.
“අද මේ ආණ්ඩුව තමන්ගේ නොහැකීයාව තුලින් අසරණ ධීවරයින් රවටිමින් ඉන්නවා ඉන්ධන මිළ පහත දමන්න ආණ්ඩුවට අවශ්‍ය තාවයක් නැති බව පෙනෙන්නට තිබෙන කරුනක් මිල සංශෝදනය පිළිබඳව කැබිනට් එකට දලාත් නැහැ අනුමැතිය ලැබිලත් නැහැ .
කියලා අපි කියනවා හෙට ඉදලා ලබන ඉරුදින දක්වා ධීවරයින් සිය රැකියා කටයුතු වලින් ඉවත් වනවා ලබන සඳුදා මුළු ලංකාවේම ධීවර සමාජිකයින් සහ ඔවුන්ගේ පවුල් වල සමාජිකයින් විවිධ සංවිධාන එක්ව මීගමුවෙන් පාරට බහින්න සියළු කටයුතු සුදානම්ව පවතිනවා එය ඉතා භයානක තත්වයක් වෙවි අපේ ආණ්ඩුව තිබුන කාලෙත් මේ දේ වුනා.
අපි ඒ සම්බන්ධව අත්දැකීම් තියෙනවා එදා සංචාරකයින් පිරිසක් සමඟ මීගමුවට පැමිණෙමින් තිබු දුම්රියක් ධීවරයින් විසින් පැය අටකට වඩා කාලයක් දුම්රිය මාර්ගය හරස් කොට තබාගත්තා යන්න නොදි තවත් කරුනක් පාරට වැටුණු ධීවරයා ආපසු හරවන්න බැරිවේවි.
මීගමුව පුරපති දයාන් ලාන්සා මහතා , මීගමුව මහජන නියොජිතයින්, උස්වැටකෙයියාව ධීවර සමිතිය, මීගමුව එකාබද්ධ ධීවර සමිතියේ සමාජිකයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.