උඩරට දුම්රිය මාර්ගයේ දැනට පවතින අඩුපාඩුකම් සොයා බැලීම සඳහා ප‍්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා උඩරට මැණිකේ දුම්රියෙන් කොළඹ සිට බදුල්ල දක්වා ගියේය. අද (12) උදෑසන 8.30 ට කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කළ අමාත්‍යවරයා හැටන් දුම්රිය ස්ථානයට දහවල් 1.30ට ළඟා වූවේය. මෙහිදී අමාත්‍යවරයා පැවසුවේ කඩාවැටී ඇති දුම්රිය සේවය යලි නඟාසිටුවීමට කටයුතු කරන බවයි. දුම්රියෙන් ගමන් ගන්නා මගීන්ට ගුණාත්මක ප‍්‍රවාහන සේවයක් ලබාදීමේ අරමුණ ඇති ව එහි අඩුපාඩුකම් සොයාබැලීම සඳහා තමන් දුම්රියෙන් ගමන් කිරීමට තීරණය කළ ද අමාත්‍යවරයා පැවසුවේය.



