නිධානයේ මැණික් කෝටි14කට විකුණන්න ගිහින්


(මොහොමඩ් ආසික් සහ ජේ.ඒ.එල් ජයසිංහ)

නිධානයකින් ගත් බව කියන මැණික්ගල් 14 ක් රුපියල් කෝටි දහ තුන හමාරකට අලෙවි කිරීමට සුදානම් වු කාන්තාවක් ඇතුළු පුද්ගලයන් හය දෙකු කටුගස්තොට පොලීසිය මගින් අත් අඩංගුවට ගනු ලැබ තිබේ.

නිධානයකින් ගත් බව කියන මැණික් ගල් තොගයක් රුපියල් කෝටි 13 හමාරකට අලෙවි කිරීමට සූදානම් වන බවට පොලීසියට ලැබුණු තොරතුරක් අනුව උපාය දූතයකු මගින් මෙම පුද්ගලයින් කටුගස්තොට පැරැණි පාලම අසලට ගෙන්වා ගැනීමට පොලීසිය සමත්ව තිබේ.

මෙලෙස ගෙන්වා ගත් පිරිස අතර කාන්තාවක් පිරිමි පුද්ගලයන් පස් දෙනෙකු ඇතුළු හය දෙනෙකු සිට තිබේ.

මෙම පුග්ලයින් ළඟ තිබී නිධානයෙන් ගත් බව කියන මැණික් ගල් 14 ක් ඩිජිටල් තරාදියක් කුඩා විදුලි පන්දමක් ද සොයා ගැනීමට පොලීසිය සමත්ව තිබේ.

මෙම පුද්ගලයින් හිනිදුම , ගාල්ල, හෙයියින්තුඩුව, වැනි ප්‍රදේශවල පදිංචි අවුරුදු 35- 49 ත් අතර වූවන් බව පොලීසිය කියයි.