නිධන්ගත රෝග ඇති 60ට වැඩි අයට පළමු එනනත අද සිට


(සුජිත් හේවාජුලිගේ)

කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව නොගත් බස්නාහිර පළාතේ වයස අවුරුදු 60ට වැඩි ජනතාවට අද (10) සිට එන්නත් ලබාදීමට කටයුතු සූදානම් කර ඇත.

බස්නාහිර පළාතේ බරපතළ රෝගාබාධ ඇති ජනතාවටද අද සිට දින තුනක් එන්නත් ලබාදෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි .

ජනතාවට 1906 දුරකතන අංකය අමතා ඒ සඳහා ලියාපදිංචි විය හැකි බවද එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.