හිරාන් ප්‍රියංකර ජයසිංහ
ආණමඩුව ඔට්ටුකුලම ප්‍රදේශයේ නිධන් ඈරීමට ගියැයි කියන පස් දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
එම පිරිස අතර ප්‍රධාන පාසලක නියෝජ්‍ය විදුහල්පතිවරයකු ද සිටින බව පොලිසිය පවසයි.
මෙම ස්ථානයේ කට්ටඬියා ලෙස කටයුතු කර ඇත්තේ කාන්තාවක බවත්, සැකකරුවන් සමඟ ඔවුන් පැමිණි වෑන් රිය බුලත්, මල්, යහන් තට්ටු , ගල් විදිමට භාවිතා කරන උපකරණ ඇතුළු තවත් දෑ අත් අඩංගුවට ගත් බවත් පොලිසිය සඳහන් කරයි.

