(කේ ඩි දේවපි‍්‍රය)
යාල ජාතික වන උද්‍යානයටත් ලූනුගම්වෙහෙර වන උද්‍යානයටත් මායිම්ව ඇති යාල අංක 05 කලාපයේ නිධන් හෑරිමට ගිය හතර දෙනකු අද(10) විශේෂ කාර්ය බළකාය මගින් අත් අඩංගුවට ගනු ලැබීය.
මෙම අල්ලා ගත් පිරිස විසින් වෙහෙරගල වන උද්‍යානයට අයත් ගල් සහිත පොකුණක ඇතැයි කියන නිධානයක් ගැනීමට යෑමේ දී ලැබුණු තොරතුරක් මත කි‍්‍රයාත්මක වු විශේෂ කාර්ය බළකායේ නිලධාරින් මෙම පිරිස අත් අඩංගුවට ගනු ලැබූ අතර මෙම පුද්ගලයින් පොකුණේ ජලය හිස් කිරීමට රැගෙන පැමිණි ජල මෝටරයක් ඩයිනමයිට් පුපුරණ ද්‍රව්‍ය හා ගල් කැඞීමට භාවිතා කරන උපකරණ කීපයක් ද සොයා ගැනිණි.
අත්අඩංගුවට පත් පිරිස සෙල්ල කතරගම ප‍්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.




