(අතුල බණ්ඩාර)
පෙර රජසමයේ මැණික් මංජුසාවක් නිධන් කර ඇති බවට පවතින විශ්වාශයක් මත එය ගොඩ ගැනීමේ අරමුණින් වසයස්ගත කාන්තාවකට අයත් පෞද්ගලික ඉඩමක කැනීමක් සිදුකර නිධන් සෙවු බවට සැකපිට පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාශ පුරාවිද්‍යා ආරක්ෂණ විශේෂ පොලිස් ඒකකයේ නිලධාරි එකකය කියයි.
රාජංගනය පොලිස් වසමේ ගැමුණුපුර යාය 10 ප්‍රදේශයේ වැටලිමක් සිදුකර සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබුණි.
වැටලීම සිදුකළ අවස්ථාවේ කැනීමට සහභාගිවි සිටි සැකකරුවන් අතරින් එක් සැකකරුවෙකු පලාගොස් තිබුණි. පළාගිය එම සැකකරු හදුනාගෙන ඇති බැවින් ඔහු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව පොලිසිය පවසයි.
සැකකරුවන් සිව්දෙනා එක්වි වයස්ගත කාන්තාවට අයත් ඉඩමේ ස්ථානයක අඩි හතරයි අගල් දෙකක් ගැඹුරැති හා දිග අඩි 11ක් හා පළල අඩි හතක වළක් හරා තිබු බව වැටලීමට සහභාගිවූ පොලිස් නිලධාරියෙක් පැවැසීය.
ඔවුන් කැනීම සිදුකරමින් වලෙන් ගොඩට දැමූ පස්වල ඉපැරණි ගඩොල් හා වලං කැබලි රැසක් තිබු බවත් එම ස්ථානය නිසැකයෙන්ම පුරාවිද්‍යා වැදගත්කමක් ඇති ස්ථානයක් බවට නිගමනය කළ හැකි බවත් එම පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවැසීය.
අත්අඩංගුවටගත් සැකකරුවන් තිදෙනා විසින් නිදන් හෑරීමට භාවිතා කළ උදළු, මුල්ලු ,ප්ලාස්ටික් බාල්දි, තාච්චි ,වතුර මෝටර් ,වයර් රෝල් දෙකක් හා පූජා භාණ්ඩ කිහිපයක් පොලිසිය බාරයට ගෙන තිබුණි.
සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදි රජසමයේ තැන්පත් කෙරුණු වටිනා මැණික් සහිත මංජුසාවක් එම භූමියේ නිධන් කර තිබෙන බවට ලැබී ඇති තොරතුරු වලට අනුව කැනීම සිදුකළ බව ඔවුන් පවසා තිබුණි.අත්අඩංගුවටගත් සැකකරුවන් ගොවිජන මාවත විජයපුර අනුරාධපුර, තුන්වන පියවර අනුරාධපුර හා ගැමුණුපුර යාය 10 රාජංගනයේ පදිංචි අවුරුදු 23 ක් හා 49 වයසැති අය බව අනාවරණය වී තිබේ.
අත්අඩංගුවටගත් සැකකරුවන් හා නඩු භාණ්ඩ වැඩිදුර විමර්ශන සදහා රාජංගනය පොලිස්ථානයට ලබාදි තිබෙන අතර සැකකරුවන් අද (04) තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

