අනුරාධපුර යුගයට අයත් බෞද්ධ විහාරාම සංකීර්ණයක් තිබූ බවට සැලකෙන හිඟුරක්ගොඩ පන්සල්ගොඩැල්ල ඉපැරණි පුරාවිද්‍යා භූමියක නිදන් හාරමින් සිටි බව කියන පුද්ගලයන් පස් දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. පුරාවිද්‍යා ස්මාරක වලට හානි වන අයුරින් විශාල වළක් හාරා ඇති බවත් සැකකරුවන් කොබෙයිගනේ, නිකවැරටිය පොල්ගහවෙල ආදී ප්‍රදේශවල පදිංචි කරුවන් බව ද පොලිසයි පවසයි. ඔවුන පැමිණි සුඛෝප භෝගී මොටර් රථයක් ද පොලිස් බාරයට ගෙන ඇත.

