අනුරාධපුරයේ පණ්ඩුකාභයපුර නිවසක නිධානයක් ගැනීමට ගේ ඇතුළේ අඩි 12ක වළක් කපා අඩි තුන හමාරක දෝනාවක බැස සිටිය දී පොලිසිය වැටලීමක් කළේය.
55 හැවිරිදි වැන්දඹුවක ද, 52 හැවිරිදි පිරිමියෙක් ද සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
ඔවුන් පොලිසියට පවසා ඇත්තේ වැන්දඹුවගේ මිය ගිය සැමියා ගෙයි ඇති බව හීනෙන් කී බවයි.

