නිධන් ගන්න ගිය හතක් මාට්ටු


(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

දංඕවිට දඹුකන්ද ප්‍රදේශයේ කදුකර ප්‍රදේශයක නිධානයක් හාරමින් සිටි යකැදුරකු ඇතුළු පුද්ගලයන් හත් දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව අත්තනගල්ල සහකාර පොලිස් අධිකාරී කාර්යාලය කියයි .

අත්තනගල්ල සහකර පොලිස් අධිකාරී කාර්යාලය යටතේ පවත්නා පොලීස් විශේෂ කාර්‍යංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇත.

පොලීසිය එම ස්ථානයට ළඟා වෙන විටත් සැකකරුවන් නිධානය හාරමින් බව පොලීසිය කියයි

පැරණි දේවාල බිමක මෙම නිධානය පිහිටා ඇතැයි කියන අතර නිධානය ගොඩ ගැනීමේ අරමුණින් බෝර යොදා ගනිමින් පිහිටි ගල පුපුරුවා හැර ඉතා ගැබුරින් මෙම ස්ථානයේ කැනීම් කර තිබූූ බව පොලීසිය සඳහන් කළේය . කැනීම් කළ ස්ථානයේ පොලව අභ්‍යන්තර යේ බදාම වැනි ද්‍රව්‍යකින් බැද ආවරණයක් යොදා තිබෙන අයුරු නිරීක්ණෂයවූ බවද පොලිස් විශේෂ කාර්යාංශය සඳහන් කරයි

නිධානය කණිමින් සිටි යකදුරා සමග ඊට සහාය වෙමින් සිටි 6 දෙනකු පොලීස් අත් අඩංගුවට ගෙන ඇත.