
(පද්මසිරි ගාර්දියවසම් )
තිස්සමහාරාම ජූල්පල්ලම ,සිවුජනගම ප්‍රදේශයේ පුද්ගලික ඉඩමක නිධන් සෙවීම සදහා කැණීම් කරමින් සිටි පුද්ගලයින් තිදෙනකු කැණීම් උපකරණ සමග අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි .
සැකකරුවන් අතර කතරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කළමනාකරණ සේවා නිළධාරියෙකුද සිටින අතර නිධන් හෑරූ ඉඩමේ හිමිකරු ඔහු බව පොලිසිය කියයි .
මෙම සැකකරු තංගල්ල නාකුලුගමුවේ පදිංචි කරුවෙකි . අනෙක් සැකකරුවන් දෙදෙනා ගෙන් එක් අයෙකු හෝමාගම ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික යුද හමුදා නිළධාරියෙකු වන අතර අනෙක් සැකකරු මැදවල කැන්දහින්න ප්‍රදේශයේ පදිංචි පෙදරේරුවෙකි .

