අවුරුදු 30ක් අවංකව රාජකාරි කළ බවත්, ඉදිරියටත් මහජනාව සමග සිටින බවත් හිටපු අග විනිසුරු ආචාර්ය ශිරාණි බන්ඩාරනායක විජේරාම මාවතේ නිල නිවසෙන් නික්ම යද්දී මාධ්‍යවේදීනට කීවාය.
පස්වරු 5.30ට ඇය නිවසෙන් එළියට එද්දී සිය ගණනක් මාධ්‍යවේදීහු ද, තවත් විශාල පිරිසක් ද කාරය ළඟට රොක් වූහ.
රතු පැහැති කාරය පැදවූයේ ඇගේ පුතාය. ඇගේ සැමියා ප්‍රදීප් කාරියවසම් තවත් කාරයක සිටියේය. පොලීසිය මාධ්‍යවේදීන් හා ඇය ඈත් කර තැබීමට බොහෝ වෙහෙස ගත්තේය. ඉක්මණට ඉක්මණට යන්නැයි පොලීසිය මාධ්‍යවේදීනටත් ඇයටත් කියද්දී, මාධ්‍යවේදීන් හා මාධ්‍ය ඡායාරූප ශිල්පීන් එක රොත්තට පොර කද්දී බණ්ඩාරනායක මහත්මිය කාරයේ වීදුරුව පහත් කළාය.
මුව පුරා සිනහවක් පාමින් මෙසේ කීවාය.
‘මම අවංකයි. බදු රහිත වාහන බලපත්‍රයක්වත් ගත්තේ නෑ. මම නිර්දෝෂියි. මම හැමවිටම ජනතාව සමගයි. ජනතාව අපේ පවුලේ අය රකිනු ඇතැයි මා සිතනවා. මා මුහුණ දුන් ප්‍රශ්නය ගැන අද හෙටම ප්‍රකාශයක් කරනවා.‘
ඇය තවත් දේ කීවත් පොලීසියේ කෑකෝ ගැසීම නිසා ඒවා ඇසුණේ නැත. මාධ්‍යවේදියකුගේ කකුලක් ද එතැනින් ගමන් කළ රියකට යන්තමින් අසුවිය.
ප්‍රධාන ගේට්ටුවෙන් පිටවූ ඇගේ රිය බොරැල්ල දෙසට ගමන් කළේය.

