නිදහස්දාත් පිරිමි පරදීති
පෙබරවාරි තුන් වැනිදා මැදියම් රැයේ සිට නිදහස් දා මැදියම් රැය දක්වා පානදුර කේතුමති, කළුබෝවිල හා කාසල් වීදිය කාන්තා රෝහලේදී බිලිඳුන් පනස් දෙදෙනකු උපන් බව රෝහල් අධ්‍යක්‍ෂවරු කියති.
කේතුමතී රෝහලේ පිරිමි දරුවෝ තිදෙනෙක් ද, ගැහැණු දරුවෝ සිවු දෙනෙක් ද, කළුබෝවිල රෝහලේ පිරිමි දරුවෝ හය දෙනෙක් ද ගැහැණු දරුවෝ හත් දෙනෙක් ද, බොරැල්ල කාසල් වීදිය රෝහලේ පිරිමි දරුවෝ 15 දෙනෙක් ද, ගැහැණු දරුවෝ 18 දෙනෙක් ද ඉපදුණහ.

