(ඉන්දිකා රාමනායක)
71 වැනි නිදහස් දින නිමිත්තෙන් හෙට (4) සිරකරුවන් 545 දෙනෙක් නිදහස් කිරීමට නියමිත බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
වැලිකඩින් සිරකරුවන් 41 දෙනෙක්, අනුරාධපුරෙන් 46 දෙනෙක්, පල්ලෙකැලෙන් 36 දෙනෙක් ඇතුලූ බන්ධනාගාර 29 කට අයත් සිරකරුවන් මෙලෙස නිදහස ලබන බව බන්ධනාගාර මාධ්‍ය ප‍්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා පැවසීය.
සුළු වැරදි හේතුවෙන් දඩ ගෙවා ගැනීමට නොහැකිව බන්ධනාගාර ගත වුවන් ට මෙලෙස නිදහස හිමිව ඇති බවද උපුල්දෙණිය මහතා කියා සිටියේය.
දැනට සිරදඩුවම් විදින ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට නිදහස හිමිවේද යන්න ලංකාදීපය උපුල්දෙණිය මහතාගෙන් කළ විමසුමකට පිළිතුරු දෙමින් ඒ මහතා පැවසුවේ. ඥාණසාරි හිමියන් නිදහස් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු කි‍්‍රයා මාර්ගයක් ගෙන නොමැති බවයි.